ආදාහනාගාරය
යම් තැනැත්තකුගේ මෘත ශරීරය ආදාහනය කිරීම සදහා අවශ්‍ය පහසුකම් සැපයීමේ කර්තව්‍ය පළාත් පාලන ආයතනය විසින් ඉටු කරයි. ඒ අනුව,වැලිමඩ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ ජීවත්වන ජනතාවගේ සෞඛ්‍ය හා සනීපාරක්ෂාව තහවුරු කෙරෙන ආකාරයෙන් ආදාහන කටයුතු ඉටු කිරීම සදහා වැලිමඩ ප්‍රාදේශිය සභාව විසින් 2008.08.12 දින වැලිමඩ නගරයේ සිට කිලෝ මීටර් 2 ක පමණ දුරින් දිවිතොටවෙල ග්‍රාමයේ ආදාහනාගාරයක් ස්ථාපිත කර ඇත.
1987 අංක 15 දරන ප්‍රාදේශිය සභා පනතේ 127 වන වගන්තිය සමග කියවිය යුතු 231 වන අධිකාරිය වූ සුසාන භූමි හා භූමදාන ආඥා පනත සහ අංක 2153 හා 2019.12.06 දිනැති ගැසට් පත්‍රයේ කාන්ඩ අංක 5 යටතේ සදහන් ආදාහනාගාරය පිළිබඳ සම්මත අතුරු ව්‍යවස්ථාව මගින් මේ සදහා නෛතික අධිකාරි බලය ලැබී ඇත.
වැලිමඩ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුළ ජීවත්වන ජනතාව සදහා රු.13500.00 ක මුදලක් සහ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයෙන් පිටත ජීවත්වන ජනතාව සදහා රු.14500.00 ක ගෙවීමක් කිරීමෙන් අනතුරුව මෙම සේවාව ලබා ගැනීමට හැකියාව පවතී.
057-2245973
057-2243386
070-5602000
වැඩි විස්තර සඳහා පුරවැසි ප්රඥප්තිය භාවිතා කරන්න