වැලිමඩ ප්‍රාදේශීය සභාව
1978 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 1987 වර්ෂයේ ඇතුළත් කරන ලද 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත බිහි විය. එම පනතින් ප්‍රාදේශීය සභා ස්ථාපිත කරන ලද අතර, එහි ප්‍රතිඵලයක් ලෙස වැලිමඩ ප්‍රාදේශීය සභාව 1987.05.11 දින සංස්ථාපනය කරන ලදි. ඌව පළාත තුල පළාත් පාලන ආයතන 28 ක් පිහිටුවා ඇති අතර ඊට අයත් වැලිමඩ ප්‍රාදේශීය සභාව ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් භූමි ප්‍රදේශය වැලිමඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් වේ. වැලිමඩ නගරය, බල ප්‍රදේශයේ ප්‍රධාන නගරය වන අතර වැලිමඩ ප්‍රාදේශීය සභාව, ප්‍රධාන කාර්යාලය සහ කැප්පෙටිපොල, බොරලන්ද, තැන්නෙකුඹුර, දඹවින්න, යන උප කාර්යාල හතරකින් සමන්විත වේ. සාපේක්ෂ පිහිටීම ගත් විට උතුරු දෙසින් ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ද නැගෙනහිරින් හාලිඇල සහ බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ද දකුණින් හපුතලේ සහ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ද මායිම්ව පිහිටා ඇත. වපසරිය වර්ග කිලොමීටර් 187 ක් වේ. ග්‍රාම නිලධාරි වසම් 64 කින් පරිපාලන කටයුතු සිදු කරන අතර දිස්ත්‍රික්කයේ විශාලත්වයෙන් 6.62% ක් පමණ වේ. අතීතයේ ගම් 138 කින් සමන්විත වූ අතර වර්තමානයේ ගම් 268 කින් සමන්විත වේ. බහු ආගමික හා බහු සංස්කෘතික පරිසරයකට මෙම බල ප්‍රදේශය හිමිකම් කියයි. කඳු, හෙල්, මිටියාවත්, මහනහර දිය ඇලි වලින් සමන්විත ස්වාභාවික සම්පත් බහුල වැලිමඩ බල ප්‍රදේශයේ ජනගහනයේ බහුතර ආදායම් මාර්ගය කෘෂිකර්මාන්තයයි. වාණිජ බොග වශයෙන් අර්තාපල්, කැරට්, බෝංචි, ගෝවා, තක්කාලි වැඩි වශයෙන් වගා කරනු ලබයි. ප්‍රාදේශීය සභා පනතට අනුව ප්‍රාදේශීය සභා වලට පැවරී ඇති කාර්යයන් අතර මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවාවන් සහ පොදු මංමාවත් ප්‍රවර්ධනය කිරීම, බල ප්‍රදේශයේ ජනතාවගේ සුඛ විහරණය, පහසුව සහ සුභ සාධනය ඇතුලු සියලු පහසුකම් ආරක්ෂා කිරීමට හා ප්‍රවර්ධනය කිරීමට ද අදාල සියලු කරුණු විධිමත් කිරීම සහ පරිපාලනය කිරීම ඇතුළත් බැවින් මෙම කර්තව්‍යයන් කාර්යක්ෂමව හා වඩාත් ප්‍රශස්ථ ලෙස මහජනතාවට ඉටු කිරීම සඳහා වරිපනම් බදු, කඩ කුලී රැස් කිරීම, මස් හා මාළු කඩ ටෙන්ඩර් කිරීම, ඉඩම් හුවමාරු, මුද්දර ගාස්තු, උසාවි දඩ, මලාපවහන වැනි ප්‍රධාන ආදායම් මාර්ග මගින් සභාවට අරමුදල් රැස් කර ගනිමින් පොදු පරිපාලනය, සෞඛ්‍ය සේවා, මාර්ග ඉඩම් හා ගොඩනැගිලි, ජල සේවා, වෙනත් උපයෝගි සේවා සහ සුභ සාධන සේවා ලෙස වැඩසටහන් හයක් යටතේ සභාවේ අරමුදල් කාර්යක්ෂමව හා ඵලදායීව වැය කිරීමය.
පුරාණ රජ දරුවන්ගේ කාලයේ සිට ක්‍රමිකව විකාශනය වී වර්තමානය වන විට පොදු ජනතාවගේ උපතේ සිට මරණය දක්වා වූ සියළු පහසුකම් සපයන, ජනතාව විසින් පාලනය කරන ප්‍රාදේශීය ආණ්ඩුකරණය "පළාත් පාලනය" ලෙස පුළුල්ව හඳුන්වා දිය හැක. අතීතයේ සිට ඉතා ක්‍රමිකව විකාශනය වූ නෛතික ව්‍යුහක් තුළ වර්ධනය වූ පළාත් පාලනය නූතන තාක්ෂණික, වාණිජවාදී, සංකීර්ණ සමාජය තුළ විශාල වගකීම් ප්‍රමාණයක් ඉටු කරමින් සිටී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් බලගැන්වී 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත පදනම්ව ගොඩ නැඟී ඇති වත්මන් පළාත් පාලන ආයතනවලට තම සංස්ථාපිත පනතට අමතරව තවත් විශාල අණපනත් ප්‍රමාණයකින් පැවරුණු වගකීම් රාශියක් පවතී. එමෙන්ම පොදුවේ රාජ්‍ය ආයතනවලට අදාල වන නීති, රෙගුලාසීන් ද අදාල වන බැවින් ප්‍රාදේශීය සභාවල කාර්ය හා කර්තව්‍ය ඉටුකිරීම වඩා සංකීර්ණ වී ඇත. එ් අනුව මහජනතාවට වඩාත් සමීප හා සංවේදී කාර්යන් සහ කර්තව්‍යන් විශාල ප්‍රමාණයක වගකීම දරණ වැලිමඩ ප්‍රාදේශීය සභාව 1987.05.11 වැනි දින සංස්ථාපනය කරන ලදී. ඒ අනුව වැලිමඩ ප්‍රාදේශීය සභාව 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත යටතේ සංස්ථාපිත අවිච්ඡින්න පැවැත්මක් සහ පොදු මුද්‍රාවක් ඇති සංස්ථාවක් වේ. ඒ අනුව එකී පනතේ 3 වන වගන්තිය ප්‍රකාරව වැලිමඩ ප්‍රාදේශීය සභාව, වැලිමඩ බල ප්‍රදේශය තුළ පිහිටි පළාත් පාලන ආයතනය වන අතර මහජන සෞඛ්‍යට, පොදු උපයෝගීතා සේවාවන්ට සහ පොදු මංමාවත්වලට ද සාමාන්‍යයෙන් මෙම ප්‍රදේශය ඇතුළත ජනතාවගේ සුඛ විහරණය, පහසුව, සුභසාධනය සහ සියලු පහසුකම් ආරක්ෂා කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට අදාල සියලු කරණු විධිමත් කිරීම, පාලනය කිරීම සහ පරිපාලනය කිරීම භාර වී ඇති ආයතනය වේ. ඒ අනුව මෙම සියලු සේවාවන් සැපයීමේ පහසුව පිණිස පහත සඳහන් ආකාරයට අංශවලට බෙදා වෙන් කර ඇත. 1. ආයතන අංශය 2. ආදායම් අංශය 3. ගිණුම් අංශය 4. කර්මාන්ත හා ප්‍රජා සංවර්ධන අංශය