12/06/2025
කසලින් තොර සුන්දර වැලිමඩ නගරයක් නිර්මාණය කරලීම
වැලිමඩ ප්‍රාදේශීය සභාවේ අභිනව ගරු සභාපති අජිත් කුමාර දිසානායක මැතිතුමාගේ සංකල්පයකට අනුව වැලිමඩ ප්‍රාදේශීය සභාවට අභිනවයෙන් පත් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්/මන්ත්‍රීවරියන් සහ වැලිමඩ ප්‍රාදේශීය සභාවේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් “කසලින් තොර සුන්දර වැලිමඩ නගරයක් නිර්මාණය කරලීම” උදෙසා වැලිමඩ නගර සීමාවේ අවිධිමත්ව බැහැර කර ඇති නොදිර අපද්‍රව්‍ය එකතු කිරීමේ වැඩසටහනක් 2025 ජුනි මස 12 දින පෙ.ව. 9.00 ට වැලිමඩ පොළ භූමියෙන් ආරම්භ කිරීමට කටයුතු සංවිධානය කර ඇත.
ඒ අනුව ඔබ නිවසේ, ආයතනයේ ඇති නොදිරන අපද්‍රව්‍ය එකතු කර පහත පරිදි වර්ග කර බහාළුම් වලට දමා නිවස ඉදිරිපිට මහාමාර්ගය අසලින් තබන ලෙස කාරුණිකව දැනුම් දෙන අතර මේ සම්බන්ධව ඔබ සැම විසින් දක්වන සහයෝගයට බෙහෙවින් කෘතඥ වෙමි.
1. පොලිතීන්
2. ප්ලාස්ටික් බෝතල් – යෝගට් කප්
3. වීදුරු බොතල්
4. ටින්
5. පලිබෝදනාශක ඇසුරුම්
තවද එදින උමා ඔයේ ඉවුරු පිරිසිදු කිරීමට කටයුතු සැලසුම් කර ඇත.