21/11/2025
බොරලන්ද මහජන පුස්තකාලය.
වැලිමඩ ප්‍රාදේශීය සභාවට අයත් බොරලන්ද උපකාර්යාලයේ නව මහජන පුස්තකාලය
ජනතා අයිතියට පත් කිරීමේ සමාරම්භක උත්සවය, ප්‍රාදේශීය සංවර්ධන සහයක ව්‍යාපෘතිය (LDSP) සහ වැලිමඩ ප්‍රාදේශීය සභා අරමුදල් දායකත්වය යටතේ බොරලන්ද නගරයේ ඉදිකරන ලද මහජන පුස්තකාලය ජනතා අයිතියට පත්කිරීම, 2025 නොවැම්බර් මස 21 වන දින ප.ව. 2.30 ට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය ගරු කේ.වී. සමන්ත විද්‍යාරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.