වීදි රේඛා/නොපරවා ගැනීමේ /ගොඩනැගිලි සීමා සහතික සඳහා ඉල්ලුම් කිරීම
ප්රාදේශීය සභාවට ගෙවිය යුතු වරිපනමක් හෝ යම් කුලියක් හෝ බද්දක් නොගෙවා පැහැර හැර ඇති අවස්ථාවක, ඒ දේපළ මත තිබෙන සියලු ම සහ සෑම චංචල දේපළක් ම තහනමට ගෙන විකුණා එසේ අය වීමට ඇති හිඟ මුදල් පියවා ගැනීමට ප්රාදේශීය සභාවේ ලේකම්වරයාට ප්රාදේශීය සභා පනතෙන් බලය ලැබී ඇත. යම් හෙයකින් ඒ දේපළ මත තහනමට ගත හැකි චංචල දේපළ නොමැති නම්, එම නිශ්චල දේපළ තහනමට ගෙන විකුණා ඒ හිඟ මුදල අය කර ගැනීමට ද ලේකම්වරයාට බලය ඇත. මෙම නොපවරා ගැනීමේ සහතිකයෙන් වාණිජ බැංකුවක් බලාපොරොත්තු වන්නේ ඒ ආකාරයට නිශ්චල දේපළ තහනමට ගැනීමට ප්රාදේශීය සභාවේ ලේකම්වරයා අදහස් කර තිබේ ද නැති ද යන්න තහවුරු කර ගැනීම යි. ඉඩම් අත්පත් කර ගැනීමේ පනත හෝ වෙනත් නීතියක් යටතේ ඉඩම පවරා ගැනීමක් පිළිබඳ කාරණා මෙම සහතිකයට ඇතුළත් නොවේ. නොපවරා ගැනීමේ සහතිකයක් නිකුත් කළ දින සිට මාස හයකට පමණක් වලංගු වේ.