විනෝදාස්වාද බද්ද
විනෝද බද්ද යනු ප්‍රාදේශීය සභාවක් විසින් නියම කර අය කර ගැනීමට බලය පවරා දී ඇති බදු වර්ග අතරට අයත් බදු වර්ගයකි. කිසියම් විනෝද කාර්යයක් සඳහා තැනැත්තන් ඇතුළු කර ගැනීමේ දී ගාස්තු අය කර ගනු ලබන අවස්ථාවක දී, එසේ අය කර ගනු ලබන ගාස්තුවෙන් ප්‍රාදේශීය සභාව තීරණය කරනු ලබන ප්‍රතිශතයකට සමාන මුදලක් විනෝද බද්දක් වශයෙන් අය කර ගනු ලබයි. විනෝද කාර්යයෙන් උපයා ගන්නා ආදායම සම්පූර්ණයෙන් ම පුණ්‍ය කාර්යයකට යොදවන අවස්ථාවක දී සහ ආධුනිකයකුගේ පළමු ප්‍රසංග දහය ද විනෝද බද්දෙන් නිදහස් කිරීම සලකා බැලිය හැකි ය.
විනෝද බදු අය කිරිම – 2024 වර්ෂය
2023 වර්ෂයේ ඔක්තෝම්බර් මස 04 දින තීරණ අංක 592 යටතේ ප්‍රසිද්ධ රග දැක්විමේ ආඥා පනත (176 අධිකාරය) 3 වැනි වගන්තිය යටතේ චිත්‍රපටි දර්ශනයක් , සැණකෙළියක්, මුදල් අයකරනු ලබන සැම දර්ශනයක් සදහාම මුද්‍රණය කරන ලද ප්‍රවේශ පත්‍ර වල වටිනාකමින් 15%ක් වු විනෝද බද්දක් වැලිමඩ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුළ පනවා අය කිරිමටත්,1984 අංක 37 දරණ විනෝද බදු (සංශෝධන) පනතේ 16 වන වගන්තිය ප්‍රකාරව කටයුතු කිරිමටත්, සිදු කරනු ලැබේ.