30 March 2021
බදු සහ ගාස්තු.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වන ව්‍යවස්ථාවට අනුව රාජ්‍ය මූල්‍ය පාලනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සතු බලතල අතරින් බල ප්‍රදේශයේ ජනතාවගේ පහසුකම් සැපයීම වෙනුවෙන් වැය වන මුදල් ප්‍රතිපූරණය කර ගැනීම සඳහා වරිපනම් නියම කර අය කර ගැනීමට ද, ඇතැම් බදු වර්ග නියම කර අය කර ගැනීමට ද, ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරනු ලබන බලපත්‍ර මත ගාස්තු සහ සපයනු ලබන වෙනත් සේවා වෙනුවෙන් ගාස්තු අය කර ගැනීමට බලතල ප්‍රාදේශීය සභාවලට පවරා දෙනු ලැබ ඇත. ප්‍රාදේශීය සභාවේ කාර්ය සඳහා වැය වන වියදම් සඳහා මෙසේ අය කර ගනු ලබන වරිපනම්, බදු සහ ගාස්තු ආදායම යොදවා ගනු ලැබේ. ප්‍රාදේශීය සභාවට ගෙවිය යුතු වරිපනම්, බදු හා ගාස්තු නියමිත කාලය තුළ ගෙවීමෙන්, ඔබගේ බල ප්‍රදේශයේ සංවර්ධනය සඳහා ඔබත් දායකයකු වනු ඇත.