වැලිමඩ ප්රාදේශීය සභා බල ප්රදේශයට අයත් දබවින්න නගරය ඇතුළු ග්රාම සේවා වසම් පහලොවක වාසය කරන ජනතාව වෙනුවෙන් කඩිනම් සේවාවන් සැපයීම සඳහා ප්රාදේශීය සභා උපකාර්යාලයක් දබවින්න(ඩයරබා හංදියේ) නගරයේ පිහිටුවා ඇත.
ඒ අනුව සේවාලාභී ඔබ දබවින්න නගරයේ හා පහතින් දක්වා ඇති ග්රාම නිලධාරී වසමට අයත් අයෙක් නම් වැලිමඩ ප්රාදේශීය සභා ප්රධාන කාර්යාලයෙන් ලබා ගත යුතු සේවාවන් දබවින්න ප්රාදේශීය සභා උප කාර්යාලයෙන් ලබා ගැනීමේ අවස්ථාව සලසා ඇත.
වසම් අංකය | ග්රාම නිළධාරි වසම් |
---|---|
59A | දඹවින්න |
58 | දික්කාපිටිය |
58A | කැටකෑල්ල |
58C | කොස්කණුවේගම |
58D | ඩයරබා |
60C | කොටකිතුල |
60A | මල්පොත |
59C | මැදගෙදරගම |
60 | මිරහවත්ත |
59 | නාවෙල |
59E | පහලයල්කුඹුර |
58B | පුහුල්පොල |
60D | වැලිකඩගම |
60B | උඩුපීල්ල |
59B | යල්පත්වෙල |
කාර්යභාර නිලධාරී - දඹවින්න උප කාර්යාලය
0572243665