වරිපනම් බදු
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වන ව්‍යවස්ථාවට අනුව රාජ්‍ය මූල්‍ය පාලනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සතු බලතල අතරින් බල ප්‍රදේශයේ ජනතාවගේ පහසුකම් සැපයීම වෙනුවෙන් වැය වන මුදල් ප්‍රතිපූරණය කර ගැනීම සඳහා වරිපනම් නියම කර අය කර ගැනීමට බලතල ප්‍රාදේශීය සභාවලට පවරා දෙනු ලැබ ඇත. ප්‍රාදේශීය සභාවේ කාර්ය සඳහා වැය වන වියදම් සඳහා මෙසේ අය කර ගනු ලබන වරිපනම් ආදායම යොදවා ගනු ලැබේ. ප්‍රාදේශීය සභාවට ගෙවිය යුතු වරිපනම් ගාස්තු නියමිත කාලය තුළ ගෙවීමෙන්, ඔබගේ බල ප්‍රදේශයේ සංවර්ධනය සඳහා ඔබත් දායකයකු වනු ඇත.
2023 ඔක්තෝම්බර් මස 04 දින තීරණ අංක 588 යටතේ 2024 වර්ෂය සදහා පනවන ලද වරිපනම් බදු , මාර්තු මස 31 , ජුනි මස 30, සැප්තැම්බර් මස 30, හා දෙසැම්බර් 31 වන දිනවලින් අවසන් වන සැම කාර්තුවක් තුළදී සමාන වාරික හතරකින් ප්‍රාදේශිය සභා කාර්යාලයට ගෙවිය යුතු බව මහජනතාව වෙත නිවේදනය කර ඇත.
2024 වර්ෂය සදහා සම්පුර්ණ වරිපනම් බදු 2024 වර්ෂයේ ජනවාරි මස 31 වන දිනට පෙර ප්‍රාදේශිය සභා කාර්යාලය වෙත ගෙවනු ලැබුවහොත් එම සම්පුර්ණ වරිපනම් ප්‍රමාණයෙන් සියයට දහයක (10%) වට්ටමක්ද, එක් එක් කාර්තුවකට අදාළ වරිපනම් ඒ එක් එක් කාර්තුවේ ප්‍රථම මාසයේ අවසන් දිනයට පෙරාතුව ප්‍රාදේශිය සභාවට ගෙවනු ලැබුවහොත් සියයට පහක (5%) වට්ටමක්ද ගෙවනු ලැබේ.