කර්මාන්ත බදු
කර්මාන්ත බද්ද, ප්‍රාදේශීය සභාවක් විසින් නියම කර අය කර ගැනීමට බලය පවරා දී ඇති බදු වර්ග අතරට අයත් බදු වර්ගයකි. මෙහි දී කර්මාන්ත බද්ද අය කර ගනු ලබන්නේ භාණ්ඩ හෝ ද්‍රව්‍ය නිෂ්පාදනය කරන හෝ විකිණීම කරන වෙළෙඳාම්වලිනි. කිසියම් අතුරු ව්‍යවස්ථාවක් යටතේ බලපත්‍රයක් ලබා ගත යුතු කිසියම් කර්මාන්තයකින් මේ බද්ද අය කර නොගන්නා අතර, බලපත්‍රයක් ලබා ගත යුතු වෙළෙඳාම් ස්ථානයකින් අය කර ගනු ලබන්නේ නිකුත් කළ බලපත්‍රයක් මත ගාස්තුව පමණි.
2023 වර්ෂයේ ඔක්තෝම්බර් මස 04 දින තීරණ අංක 598 යටතේ 1987 අංක15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 150 වන වගන්තිය ලැබී ඇති බලතල ප්‍රකාර,ඒ පනතේ හෝ ඒ යටතේ සාදන ලද යම් අතුරු ව්‍යවස්ථාවක විධි විධාන යටතේ බලපත්‍රයක් ලබා ගැනීම අවශ්‍ය නොවන්නා වු කිසියම් කර්මාන්තයක් වැලිමඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ 2024 වර්ෂයේදි කරගෙන යනු ලබන අවස්ථාවක,ඒ කර්මාන්තය කරගෙන යනු ලබන ස්ථානයේ වාර්ෂික වටිනාකම මත කර්මාන්ත පිළිබද බද්දක් පනවා අය කිරිමට කටයුතු කරනු ලබයි. එම බද්ද 2024 අප්‍රේල් මස 30 වන දිනට පෙර වැලිමඩ ප්‍රාදේශීය සභාවට ගෙවිය යුතු වේ.
කර්මාන්ත බදු පැනවීම සහ කර්මාන්ත ලැයිස්තුව
කර්මාන්ත ලැයිස්තුව
474KB
විස්තරය | ගාස්තුව |
---|---|
වාර්ෂික වටිනාකම රු:750.00 නොඉක්මවන අවස්ථාවක | රු:500.00 |
රු: 750 ඉක්මවන එහෙත් රු:1500 නොඉක්මවන අවස්ථාවක | රු:750.00 |
රු:1500 ඉක්මවන අවස්ථාවක | රු:1000.00 |