ඇතැම් ඉඩම් විකිණීම මත බදු
මෙම බද්ද ද ප්‍රාදේශීය සභාවක් විසින් නියම කර අය කර ගැනීමට බලය පවරා දී ඇති බදු වර්ග අතරට අයත් බදු වර්ගයකි. කිසියම් ඉඩමක් වෙන්දේසිකරුවකු හෝ බ්‍රෝකර්වරයකු මගින් විකිණීම කරනු ලබන අවස්ථාවක, ඒ වෙන්දේසිකරු හෝ බ්‍රෝකර්වරයා එකී ඉඩම විකිණීමෙන් ලත් මුදලෙන් 1% කට සමාන මුදලක් බද්ද වශයෙන් ගෙවිය යුතු ය.