සැණකෙළි පැවැත්වීම සදහා අවසර පත්‍ර
කිසියම් ස්ථානයක සිදු කරනු ලබන ප්‍රසිද්ධ රඟ දැක්වීමත් මඟින් යම් ආගමික හෝ සංස්කෘතික හෝ කිහියම් ජන වර්ගයක පැවැත්මට ඇති විය හැකි හාති හෝ පීඩා වැළැක්වීම සහතික කිරීම සඳහා යම් ප්‍රසිද්ධ රඟ දැක්වීමත් මහජනයා ඉදිරියේ ප්‍රදර්ශනය කිරීම සඳහා සහතික කිරීමේ බලධාරියා (රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ විෂය භාර අමාත්‍යවරයා විසින් පත් කරනු ලබන තැනැත්තා හෝ තැනැත්තන් සහතික කිරීමේ බලධාරියා වේ.) වෙත ඉදිරිපත් කර සහතික කිරීම මඟින් ප්‍රසිද්ධ රන දැක්වීම පාලනය කරනු ලැබේ.
කිසියම් ප්‍රසිද්ධ රඟ දැක්වීමක් හෝ සැණකෙළියක් පැවැත් වෙන ස්ථානයකට රැස්වන මහජනතාවගේ සෞඛ්‍ය හා සනීපාරක්ෂාව, පහසුව සහ ආරක්ෂාව පිළිබඳ පූර්ව ප්‍රතිකර්ම පවත්වාගෙන යනු ලබන බවට සහතික වීමෙන් අනතුරුව, ඒ යම් රඟ දැක්වීමක් හෝ සැණකෙළියක් පැවැත්වීම සඳහා පළාත් පාලන ආයතනය විසින් නිකුත් කරනු ලබන සහතිකය “බලපත්‍රය” වශයෙන් හඳුන්වනු ලැබේ.
176 වන අධිකාරය වූ ප්‍රසිද්ධ රක දැක්වීම් හා සැණකෙළි පිළිබඳ ආඥා පනත
ප්‍රාදේශීය සභාව විසින් කලින් කල තීරණය කරනු ලබන ආකාරයේ බලපත්‍ර ගාස්තුවක් ගෙවිය යුතුය.
වැඩි විස්තර සඳහා පුරවැසි ප්රඥප්තිය භාවිතා කරන්න.