පෙර පාසල්
ව්‍යවස්ථාපිත අධ්‍යාපනයට පෙර අවු.3 ත් අවු.5 ත් අතර වයස් කාණ්ඩවලට අයත් දරුවන් සඳහා වූ අධ්‍යාපන ප්රතිපාදනය ක්‍රියාත්මක කරනු ලබන ආයතනය මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය/පෙර පාසල වේ.
ළමා පෞර්ශය සවිබල ගැන්වීමෙහි ලා මහඟ මෙහෙවරක් ඉටු කරන “පෙර පාසල්” මඟින් දරුවන්ගේ කුඩා අවධියේ දී, නිවසෙන්, දෙමාපියන්ගෙන් හා අවට පරිසරයෙන් ලබා ගන්නා දැනුමට අමතරව බාහිරව ලැබිය යුතු මූලික අධ්‍යාපනය ලබා දීම, එදිනෙදා ජීවිතයට අවශ්‍ය වන සෞඛ්යම හා විනීත ගතිපැවතුම් ඇති කිරීම, හොඳ පුරුදු හා චාරිත්‍ර ඇති කිරීම, සාරධර්ම පුහුණු කිරීම, සොබා දහමට ඇති ලැදියාව වර්ධනය කිරීම, විනීතව ආහාර ගැනීමේ පුරුදු කියා දීම සිදු කරනු ලබයි.
එබැවින් ප්‍රදේශයේ ජනතාවගේ දුවා දරුවන් ගුණ නැණයෙන් පිරිපුන් දරුවන් ලෙස සමාජගත කිරීමේ අරමුණ පෙරදැඩි කරගෙන වැලිමඩ ප්‍රාදේශීය සභාව විසින් ඌව පළාත් මුල්ළමාවිය සංවර්ධන අධිකාරීය විසින් දක්වා ඇති මාර්ගෝපදේශයන්, ප්රමිතීන් අනුව යමින් කැප්පෙටිපොල මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථානය පිහිටුවා පවත්වාගෙන යාමට කටයුතු කර ඇත.
වැලිමඩ ප්‍රාදේශීය සභාවේ සහ කැප්පෙටිපොල ප්‍රාදේශීය සභා උපකාර්යාලයේ මෙන්ම ඌව පළාත් මුල්ළමාවිය සංවර්ධන අධිකාරීය මඟින් අධීක්ෂණය කරමින් පළපුරුදු පෙරපාසල් ගුරුවරුන් විසින් නිර්මාණාත්මක අධ්‍යයන පටිපාටි, කථනය, සවන්දීම, ගණිතමය අත්දැකීම්, සංගීතය, නර්තනය ආදී විවිධාකාර ක්‍රියාකාරකම් සුවිශේෂි ඉගැන්වීම් ක්‍රම අනුගමනය කරමින් මෙම මුල් ළමාවිය මධ්‍යස්ථානයේ කටයුතු සිදු කෙරේ.
057-2280435
ප්‍රාදේශීය සභා උප කාර්යාලය, කැප්පෙටිපොල
057-2243665
ප්‍රාදේශීය සභා උප කාර්යාලය, දඹවින්න
057-3570518
ප්‍රාදේශීය සභා උප කාර්යාලය, තැන්නේකුඹුර