දිවා සුරැකුම් මධ්‍යස්ථාන
දස මසක් කුසෙහි දරා මෙලොවට බිහිකළ ඔබගේ දරුවා ඔබ මෙන් ආරක්ෂිතව රැක බලා ගැනීම සඳහා පළපුරුදු පාලිකාවන් අනුයුක්ත කර ගනිමින් කැප්පෙටිපොල ප්‍රාදේශීය සභා උපකාර්යාලයේ, වැලිමඩ ප්‍රාදේශීය සභාවේ මෙන්ම ඌව පළාත් මුල් ළමාවිය සංවර්ධන අධිකාරියේ සෘජු අධීක්ෂණය යටතේ අධීක්ෂණය කර මෙම මධ්‍යස්ථානය පිහිටුවා පවත්වාගෙන යනු ලබයි.
කැප්පෙටිපොල නගරයේ ඔබට පහසුවෙන් හා ඉක්මනින් ළඟා විය හැකි ස්ථානයක සහ ඔබගේ දරුවාගේ මානසික හා කායික සංවර්ධනයට අවශ්‍ය පරිසරයක මෙම මධ්‍යස්ථානය පිහිටා ඇත.පෙ.ව. 7.30 සිට සවස 4.45 තෙක් මෙම මධ්‍යස්ථානය විවෘතව පවතින අතර මේ වන විට රැකබලා ගන්නා මුළු දරුවන් සංඛ්‍යාව 16 කි.