කොම්පෝස්ට් නිෂ්පාදනය
වැලිමඩ ප්‍රාදේශීය සභා බල සීමාවට අයත් ආයතනික, වාණිජ,නේවාසික හා වීදි මඟින් එකතු කරනු ලබන කැලි කසල දිරන හා නොදිරන ලෙස වර්ග දෙකක් ලෙස ගත හැකිය. දිරන කසල කෙටි කාලීනව දිරන හා දිගු කාලීනව දිරන ලෙස වෙන් කර කෙටි කාලීනව දිරන කසල පහසුවෙන් පොහොර නිෂ්පාදනයට යොමු කරයි. දිගු කාලීනව දිරන කසල වෙන් වෙන් වශයෙන් ගෙන කාබනික පොහොර, ජීව අගුර නිෂ්පාදනයට යොමු කර අවශේෂ කොටස් අවසන බැහැරලීමට කටයුතු කරයි.
නොදිරන කසල , පෙට් බෝතල්, පොලිතීන් ලෙස වෙන් කර බෙල් යන්ත්‍රය මඟින් බෙල් කර නැවත භාවිතයට ගනු ලබන අතර, යකඩ, කාඩ්බෝඩ් වැනි දෑ ද ප්‍රතිචක්‍රීකරණයට සඳහා යොමු කෙරේ.
වැලිමඩ ප්‍රාදේශීය සභාව ඝණ අපද්‍රව්‍ය කළමණාකරණ ක්‍රියාවලියේ දී ඉක්මනින් දිරාපත් වන කසල පහසුවෙන්ම කොම්පෝස්ට් නිෂ්පාදනයට යොදා ගන්නා අතර, එසේ නොවන තැඹිලි කෝම්බ, කෙසෙල් දඩු,කෙසෙල් කොළ වැනි ද්‍රව්‍ය කැබලිවලට කපා වියලා ජීව අගුරු නිෂ්පාදනයට යොදා ගැනේ. පොලිතීන්, පෙට් බෝතල් බෙල් කිරීමට තෝරා ගනී.එම ක්‍රියාවලියෙන් අනතුරුව තවදුරටත් භාවිතයට ගත නොහැකි අපද්‍රව්‍ය වෙතොත් ආරක්ෂිතව විවෘත භූමියට බැහැර කරනු ලබයි.
ප්‍රධාන නගරය හා උපකාර්යාල ප්‍රදේශවලදී වර්ග කර ලබා ගන්නා කසල 03 කණුව, ඝණ අපද්‍රව්‍ය කළමණාකරණය වෙත ප්‍රවාහනය කරනු ලබයි. (ට්‍රැක්ටර් හා කම්පැක්ටර් රථය මඟින්) එසේ ප්‍රවාහනය කරනු ලබන කැලි කසලවලින් පොලිතීන්, ප්ලාස්ටික් වෙන් කර බෙල් මැෂිම මඟින් බෙල් කිරීම කර අලෙවියට යොමු කෙරේ.
කාබනික පොහොර නිෂ්පාදනයට ගත හැකි ආහාර ද්‍රව්‍ය,එළවලු,පලතුරු ඇතුලු ශාකමය අපද්‍රව්‍ය ගොනු සඳහා වෙන් කරන අතර දින 07කට වරක් මේවා පෙරලීම කරනු ලබයි. මෙහි එකතු වන ලීචේට් දියරය මෙම ගොනුවලට යොමු කෙරේ. මෙසේ මාස 02ක් 2 ½ ක් පමණ කාලයක් පෙරලනු ලැබූ කසල අවසානයේ නැවත එක් ගොඩකට ගොඩ කිරීම සඳහා සැකසුම් කරන ස්ථානයට යොමු කෙරේ. එහි සතියක කාලයක් තබා ඒවා සැකසුම් මධ්‍යස්ථානයේ තුනී කිර වියලීමට ලක්කර බහුකාර්ය කැබලි යන්ත්‍රය මඟින් කැබලි කර හලන යන්ත්‍රය මඟින් හැලීමට ලක්කර 25 kg බෑග්වලට ඇසුරුම් කර ගබඩා කිරීමෙන් පසු වෙළඳ පළට යොමු කෙරේ.
වගා ආදර්ශයේ පාත්ති සකස් කිරීමට සහ පැති බැමි සකස් කිරීමට බේල් කරල ලද පොලිතීන් යොදා ගැනීම මේවන විට ද කර ඇත.
අප ඝණ අපද්‍රව්‍ය කළමණාකරන මධ්‍යස්ථානයේ නිෂ්පාදනය කරනු ලබන කාබනික පොහොර සදහා ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නිර්දේශය ලබාදි ඇති අතර කාර්මික තාක්ෂණික ආයතනයේ තත්ව සහතිකයද ලබා ඇත. වෙළද ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකයද ලබාඇත.
වැලිමඩ ප්‍රාදේශීය සභාවට අයත් ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයෙන් තත්ව සහතික වලට අනුකුලව කාබනික පොහොර නිෂ්පාධනය කරනු ලැබේ. එම පොහොර කිලෝ 1 කක් රු. 15.00 ක මුදලකට මිලදී ගැනීමට පහසුකම් සලසා ඇත.
මිලදී ගත හැකි ස්ථාන | ප්‍රමාණය | මිල(රු.) |
---|---|---|
ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලය | 25KG / 40KG | රු. 375.00 / රු. 600.00 |
බොරලන්ද උප කාර්යාලය | 25KG / 40KG | රු. 375.00 / රු. 600.00 |
දබවින්න උප කාර්යාලය | 25KG / 40KG | රු. 375.00 / රු. 600.00 |
බෝගහකුබුර උප කාර්යාලය | 25KG / 40KG | රු. 375.00 / රු. 600.00 |
කැප්පෙටිපොළ උප කාර්යාලය | 25KG / 40KG | රු. 375.00 / රු. 600.00 |
ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය | 25KG / 40KG | රු. 375.00 / රු. 600.00 |
057-2245973
වැලිමඩ ප්‍රාදේශීය සභාව
071-8009645
සමන්ත විජේකෝන් මයා