ප්‍රාදේශීය සභාවට අයත් දේපළ වාර්ෂිකව බදු දීම
වැලිමඩ බල ප්‍රදේශයේ ජනතාවට පහසුවෙන් ළගා විය හැකි ස්ථානයකින් එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීමට කෙරෙන පොදු උපයෝගිතා සේවාවක් වශයෙන් වැලිමඩ ප්‍රාදේශීය සභාව විසින් සතිපොළ, මස් කඩ හා මාළු කඩ ඇති කර පවත්වාගෙන යනු ලැබේ. සති පොළ පැවැත්වීමට ඉඩ සැලසීම පොදු උපයොගිතා සේවාවක් වශයෙන් සිදු කරනු ලබන බැවින් වැලිමඩ බල ප්‍රදේශයේ ජනතාවගේ නිෂ්පාදන ද්‍රව්‍ය විකුණා ගැනීමටත්, ඔවුන්ගේ එදිනෙදා අවශ්‍යතා පහසු මිලට ලබා ගැනීමට අවස්ථා සලසාදීම වැලිමඩ ප්‍රාදේශීය සභාවේ යුතුකම ලෙස සැලකේ. මෙම උපයෝගිතා සේවාවන් සලසා දීම වෙනුවෙන් වැලිමඩ ප්‍රාදේශීය සභාව වැය කරනු ලබන වියදම් ආවරණය කර ගැනීම ද කළ යුතුව ඇත. මීට අමතරව වැලිමඩ බල ප්‍රදේශයේ ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීම සඳහා ගවමස්, එළු මස්, කුකුළ් මස් හා මාළු කඩ වැලිමඩ වෙළඳ සංකීර්ණයේ, බොරගස් හා ගුරුතලාව ප්‍රදේශයේ ස්ථාපිත කර ඇත. තවද ජනතාවගේ අනෙකුත් පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා වැලිමඩ, කැප්පෙටිපොල, බෝගහකුඹුර හා දඹවින්න ප්‍රදේශයන්හි වෙළඳ සංකීර්ණ පිහිටුවා ඇත. සභාව සතුව පවතින වෙළඳ සංකීර්ණයන්හි කඩ කාමර දීර්ඝකාලීනව හා වාර්ෂිකව බදු ගිවිසුම් යටතේ බදු දී ඇති අතර ඒ සඳහා වන කුලී මුදග් මාසිකව අය කරනු ලබයි.
එමෙන්ම මස් කඩ හා මාළු කඩ වාර්ෂික ප්‍රසම්පාදන ක්‍රමවේදය මඟින් ලංසු කැඳවා බදු දීම සිදු කරන අතර ඒ සඳහා වන ගාස්තු ලංසු මුදලින් 1/12 බැගින් මාසිකව අය කරනු ලබයි. පොල ගාස්තු අය කර ගැනීමේ අයිතිය ලංසු කැඳවා බාහිර පාර්ශවයකට බදු දෙනු ලබන අතර ඔවුන්ගෙන් අදාළ ගාස්තු අය කර ගැනීම සිදු කරයි.