අක්කර බදු
ස්ථිර හෝ නිතිපතා කෙරෙන ගොවිතැනකට යොදා ඇති, හෙක්ටයාර් 05 කට වැඩි කිසියම් ඉඩමක හිමිකරු සෘජු ව ම මේ බද්ද ගෙවීමට යටත් වනු ඇත. අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයේ ප්‍රකාශ කරනු ලබන නියමයක් මගින් යම් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක් විශේෂ ප්‍රදේශයක් විය යුතු යැයි තීරණය කර ඇති විට, හෙක්ටයාර් එකකට වැඩි එහෙත් හෙක්ටයාර් 05 කට අඩු ඉඩමක් ද, මෙම බද්දට යටත් වේ.
2023 වර්ෂයේ ඔක්තෝම්බර් මස04 දින තීරණ අංක 594 යටතේ ගනු ලැබ ඇති තීරණය අනුව 1987 අංක 15 දරන ප්‍රාදේශිය සභා පනතේ (3) වන උප වගන්තියෙන් ප්‍රාදේශිය සභාව වෙත පැවරි ඇති බලතල ප්‍රකාර , වැලිමඩ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුල පිහිටියා වුද, ඉහත කී පනතේ 135වන වගන්තියේ නියමය යටතේ අක්කර බද්දෙන් නිදහස් කර නොමැත්තාවුද , ස්ථිර හෝ නිතිපතා ගොවිතැන් යටතේ වු,එක් එක් ඉඩම් හෙක්ටයාරය මත පහත උප ලේඛණයේ දක්වා ඇති අනුප්රමාණ නොඉක්මවන අක්කර බද්දක් අය කිරිම කරනු ලබයි.
2024 වර්ෂය සදහා පනවන ලද අක්කර බද්ද මාර්තු 31, ජුනි 30, සැප්තැම්බර් 30, හා දෙසැම්බර් 31 යන දිනවලින් අවසන් වන සැම කාර්තුවක් තුළදි සමාන වාරික හතරකින් ප්‍රාදේශිය සභා කාර්යාලයට ගෙවිය යුතු අතර, 2024 වර්ෂය සදහ වන සම්පුර්ණ අක්කර බද්ද 2024 ජනවාරි මස 31 වන දිනට පෙර ප්‍රාදේශිය සභා කාර්යාලය වෙත ගෙවනු ලැබුවහොත් එම සම්පුර්ණ අක්කර බදු ප්‍රමාණයෙන් සියයට දහය(10%)ක වට්ටමක්ද, එක් එක් කාර්තුවකට අදාළ අක්කර බද්ද ඒ එක් එක් කාර්තුවේ ප්‍රථම මාසයේ අවසන් දිනයට මත්තෙන් ප්‍රාදේශිය සභාවට ගෙවනු ලැබුවහොත් සියයට පහ (5%) ක වට්ටමක් ලබා දෙනු ලැබේ.
විස්තරය | ගාස්තු |
---|---|
ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 05 ට අඩු නමුත් හෙක්ටයාර් 01 ට නොඅඩුවන අවස්ථාවක. | රු:50.00 |
ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 05 ක් හෝ ඊට වැඩිවන අවස්ථාවක එක් හෙහෙක්ටයාරයකට බැගින්. | රු: 10.00 |