උප කාර්යාල
වැලිමඩ ප්‍රාදේශීය සභාව විශාල බල ප්‍රදේශයක පැතිර ගිය පළාත් පාලන ආයතනයක් වන බැවින් සේවාලාභීන් වෙත වඩා කාර්යක්ෂමව පහසුවෙන් සේවාවන් සැපයීම සඳහා වැලිමඩ නගරයෙහි ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලය ද ඩයරබා මංසන්ධියේ ඩයරබා උපකාර්යාලය ද, බොරලන්ද නගරයෙහි බොරලන්ද උපකාර්යාලය ද, කැප්පෙටිපොල නගරයේ කැප්පෙටිපොල උපකාර්යාලය ද , බෝගහකුඹුර නගරයේ තැන්නෙකුඹුර උපකාර්යාලය ද සංස්ථාපනය කර ඇත.
එ ඒ උප කාර්යාලවලට අයත් ග්‍රාම නිලධාරී වසම්වලට අයත් සේවාලාභීන්ට සේවාවන් ලබා ගැනීම සඳහා ඔබ අයත් ග්‍රාම නිලධාරී වසමට අයත්වන උප කාර්යාල වෙත යොමු වන්න. එමඟින් ඔබ විසින් අපේක්ෂා කරනු ලබන සේවාවන් කාර්යක්ෂම, නිවැරිදි ලෙස අපහසුතාවයකින්, අනවශ්‍ය කාලයක්, වියදමකින් තොරව සිදුකර ගත හැකි වනු ඇත.