අනුකූලතා සහතිකය
ඉදිකිරීම් බලපත්‍රයක් ලබාගෙන සිදු කරන ලද යම් ඉදිකිරීමක් සැලැසුමට සහ බලපත්‍රයේ දැක්වෙන නියම කළ කොන්දේසි වලටම අනුකූලව ඉදි කර ඇති බවට නිකුත් කරනු ලබන සහතිකයකි. අනුකූලතා සහතිකයක් නිකුත් කිරීමට පෙර අදාළ ගොඩනැගිල්ල තේවාසික පදිංචිය හෝ වෙනත් කාර්යයකට යොදවා ගැනීම නොකළ යුතුය. නිවාස හා නගර සංවර්ධන ආඥාපනත යටතේ සහ 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරිය පනත යටතේ නිකුත් කරනු ලබන ඉදිකිරීම් බලපත්‍ර වර්ග දෙකටම මේ අනුකූලතා සහතිකය අදාළ වේ.
සටහන:
නිවාස හා නගර සංවර්ධන ආඥා පනත අදාළ වන යම් ප්‍රදේශයක් සඳහා ඉඩම් සංවර්ධනයකට හෝ ඉඩම් අනු බෙදීමකට අනුකූලතා සහතිකය ලබා ගැනීම අවශ්‍ය නොවේ.
(අ) 268 වන අධිකාරය වූ නිවාස හා නගර සංවර්ධන ආඥාපනතේ 15 වන වගන්තිය.
(ආ) 1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරිය පනතේ 8ඒ වගන්තිය සමග කියවිය යුතු, 1986 නාගරික සංවර්ධන අධිකාරියේ (සැලසුම් හා ගොඩනැගිලි) නියෝගවල 67 වන නියෝගය (සම්මත අතුරු ව්‍යවස්ථා / අතුරු ව්‍යවස්ථා අනුව.)
(අ) ගොඩනැගිලි ඉදිකිරීමක් වන විට, අනුමත කරන ලද ඉදිකිරීම් බලපත්‍රයේ සහ ගොඩනැගිලි සැලසුමේ සඳහන් කොන්දේසිවලට අනුව ඉදිකිරීම් සම්පූර්ණ කර තිබීම.
(ආ) ඉල්ලුම් පත්‍රය සම්පුර්ණ කර එහි දක්වා ඇති ලේඛන අමුණා ඉදිරිපත් කර තිබීම.
(අ) ප්‍රාදේශීය සභාව විසින් කලින් කල තීරණය කරනු ලබන පරිදි මුද්‍රණ හා සේවා වියදම් ආවරණය කර ගැනීම සදහා වන ගාස්තුවක් ගෙවිය යුතුය.
(ආ) අනුකුලතා සහතිකය නිකුත් කිරීමේ පෙරසැරි ගාස්තු
සංවර්ධන කාර්යයේ ස්වභාවය | ගාස්තුව |
---|---|
ඉඩම් අනු බෙදුම් | පළමු බිම් කොටසට රු.1,000.00 ක් සහ ඊට වැඩි වන සෑම බිම් කට්ටියකටම රු.500.00 ක් බැගින් |
නේවාසික ඉදිකිරීම් | වර්ග මීටර් 300 ට අඩු රු.3,000.00 සහ ඊට වැඩි වන සෑම වර්ග මීටරයකටම රු.10.00 බැගින් |
වාණිජ හා වෙනත් ඉදිකිරීම් | වර්ග මීටර් 100ට අඩු රු.3,000.00 සහ ඊට වැඩි වන සෑම වර්ග මීටරයකටම රු.20.00 බැගින් |
මායිම් තාප්ප / ආරක්ෂක බැමි ඉදිකිරීම් | පළමු දික් මීටර් 100 සඳහා රු.1,000.00 ක් සහ ඊට වැඩි වන සෑම මීටර් එකකටම රු.10.00 බැගින් |
ඉඩම් / කුඹුරු ඉඩම් ගොඩ කිරීම් | වර්ග මීටර් 500ට අඩු රු.3,000.00 ක් සහ ඊට වැඩි වන සෑම වර්ග මීටර් එකකටම රු.20.00 බැගින් |
දුරකථන / විදුලි සංදේශ කුළුණු ඉදිකිරීම් | උස මීටර් 5 සිට 20 දක්වා රු.2,000.00 ක් සහ ඊට වැඩි වන සෑම මීටර් එකකටම රු. රු100.00 බැගින් |
විශේෂ ව්‍යාපෘති | කුඩා පරිමාණ ව්‍යාපෘති සදහා රු. 5000.00, මාධ්‍ය පරිමාණ ව්‍යාපෘති සදහා රු. 10000.00, මහා පරිමාණ ව්‍යාපෘති සදහා රු. 20000.00 |
සංවර්ධන බලපත්‍රයක් යටතේ කරන ලද යම් සංවර්ධන කාර්යයක් භාවිත කිරීමට පෙර, නිකුත් කළ බලපත්‍රය යටතේ අදාළ සංවර්ධනය සිදු කර ඇති බවට අනුකූලතා සහතිකයක් ලබා නො ගෙන ඒ සංවර්ධන කටයුත්ත ප්‍රයෝජනයට ගැනීම නො කළ යුතු ය. එවැනි අවස්ථාවක දී, එය භාවිතයට ගැනීම අනවසර භාවිතයට ගැනීමක් සේ සලකා ක්‍රියා කරනු ලැබේ. මේ භාවිතයට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ගවලට යටත් වීමට සිදු වේ.