නගර තොරතුරු
ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අතරින් වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය මෑස කාලීනව ඉතා සීග්‍ර දියුණුවක් අත්පත් කර ගෙන ඇති බව නොරහසකි.ඓතිහාසික වශයෙන් ද වැඩි වැදගත් කමක් ඇති වැලී මඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ඌව පළාතේ ඌව ද්‍රෝණියේ පිහිටා ඇත. ඌව පළාතේ ඉහලම ස්ථානය ව්යා ඔහිය ප්‍රදේශය පිහිටා ඇති වැලිමඩ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය මුහුදු මට්ටමේ සිට මීටර් 1041ක් උසින් පිහිටා ඇත. භූගෝලීය මට්ටමින් වීමසීමේදී වැලිමඩ සානුව ලෙසට ප්‍රමුකත්වයක් ලැබී ඇත. සාපේක්ෂ පිහිටීම සක් විට උතුරු දෙසින් ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් ද බටහිරින් නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන්ද නැගෙනහිරින් හාලි ඇල්ල හා බණ්ඩාර වෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලින්ද දකුණින් හපු කලේ හල්දුම් මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලින්ද මායිම්ව පිහිටා ඇත.
ඌව ඉතිහාසය නම් කෘතියේ වැලිමඩ යන නමෙහි උපත පිළිබඳව දක්වා ඇත්තේ වැලි මුසු පස් බහුල වශයෙන් මෙම ප්‍රදේශයේ ඇති හෙයින් වැලිමඩ යන නාමය ලැබුණු බවයි. එමෙන්ම මෙම ප්‍රදේශයේ සමීපයෙහි ඇති පුන්‍ය වැවට ජලය ලබා ගත් දිය මොල්ලියේ මුහුදු වැලි මතු වීමද වැලිමඩ යන නාමය පට බැදීමට හේතු වූවා යැයි විශ්වාස කෙරේ. කවද ජන ප්‍රවාදයේ සදහන් වන පරිදි කතරගම දෙවියන් හා බැදුණු කතා පුවතක්ද වෙයි. එනම් වල්ලි අම්මා දේවිය කතරගම දක්වා ගිය ගමනේදී මෙම ප්‍රදේශයේද එක් දිනක් රාත්‍රිය ගත කර ඇත. එම අවස්ථාවේදී වල්ලි අම්මා දේවියට නවා තැන් ලබා දීම සදහා ප්‍රදේශ වාසීන් විසින් මඩමක් ඉදි කර නවා සැන් පලක් සදා දී ඇති බවත් එම මඩම වල්ලි අම්මා නතර වු මඩම ලෙස හැදින් වු බවත් පසුව එය වල්ලි මඩම යනුවෙන් භාවිතා වූ බවත් එම නම් අද වැලිමඩ වශයෙන් හඳුන්වන බවද සඳහන් වේ.
වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පසුබිම පිළිබඳව හදුනා ගැනීමේදී එහි වපසරිය වර්ග කිලෝමීටර් 187 කි. ග්‍රාම නිළධාරී වසම් 64කින් පරිපාලන කටයුතු මෙහෙය වන මෙහි විශාලත්වය දිස්ත්‍රික්කයේ විශාලත්වයෙන් 6.62%කි. මුල් කාලීනව මෙම ප්‍රදේශය ආදායම් පරිපාලන කොට්ඨාශ වශයෙන් හඳුන්වා දී ඇති අතර එය ග්‍රාම නිළධාරී කොට්ඨාශ 18කින් සමන්විත විය. එවකට පැරණි ගම් 138 ක් පැවති අතර වර්තමානයේ එය ගම්මාන 295 කින් සමන්විත වේ.
දේශගුණික තත්ව පිළිබඳ විමසා බැලීමේදී මෙහි පවතින්නේ පම පිතෝෂ්ණ දේශගුණයකි. උෂ්ණත්වය සෙල්සියස් අංශක 17ක පමණ මධ්‍ය උෂ්ණත්වයකින් යුක්තය. සෑම වසරකම මැයි සිට සැප්තැම්බර් දක්වා අධික සුළං හමයි. සැප්තැම්බර් මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා අධික වැසි සහිත සමයකි. හෝර්ටන් තැනි තලාවේ සිට උතුරු දෙසට හා දකුණු දෙසට විහිදි යන කදු වැටියේ බටහිරට බෑවුම්ව පිහිටි ප්‍රදේශයක් නිසා ඇල දොල ඔයවල් බටහිර සිට නැගෙනහිරට ගලා යයි. ඒ අතර උමා ඔයේ අතු ගංගා ලෙස දුල්ගොල්ල මා කැටිල්ල ප්‍රධාන වෙයි. ප්‍රදේශය පුරා සදාහරිත වනාන්තර දක්නට ඇති අතර අඩි 5000ට ඉහල ස්වභාවික වනාන්තර ප්‍රදේශ ලෙස අඹේවෙල හා ඔහිය ප්‍රදේශ සැලකේ ප්‍රදේශයේ විශාල ලෙස පැතිරී ඇත්තේ ලෝම සහිත ලැටරයිට් පසය. මීට අමතරව සියුමස් සහිත ලැටරයිට පසද රොන්මඩ සහිත දියලු පසද බහුල වශයෙන් දැකිය හැකිය. ලංකාවේ ඇති රමණීය හග්ගල මල් වත්ත හා ඒ අවට හග්ගල වන රක්ෂිතයේ වෙසෙන ශ්‍රී ලංකාවට පමණක් ආවේණික කළු වදුරන්ද ඕහිය වන රක්ෂිතයේ සමණල විශේෂ හා කටුසු වර්ගයන්ද කුරුළු විශේෂයන්ද දුර්ලභ වන ඖෂධ මෙම ප්‍රදේශයේ සම්පත් ලෙස පවතී.
ඓතිහාසික වශයෙන් ගත් කළ දිවුරුම්වෙල පුරාණ විහාරය කළු බුළුලන්ද විහාරය ශ්‍රී ඤාණයක්හි මුරුගන් දේවාලය මෙන්ම කැප්පෙටිපොළ බල කොටුවද සුවිශේෂී ස්ථානයක් උසුලයි. දිවුරුම්වෙල පුරාණ විහාරය වශයෙන් හදුන්වනු ලබන විහාරස්ථානය රාම රාවණා කතා පුවතේ සීතා දේවිය දිවුරුම් දුන් ස්ථානය ලෙසද සැලකේ කළු බුළුලන්ද පුරාණ විහාරය වලගම්බා රජු දවස ඉදි කරණ ලද්දකි. ශ්‍රී ඤාණ ශක්ති මුරුගන් දේවාලය නතරගම දෙවියන් හා බැදුණු කතා පුවකට සම්බන්ධය.
බහු ආගමික මෙන්ම බහු සංස්කෘතික පරිසරයකොට වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හිමිකම් කියයි. බහුතරය සිංහල වන අතර ආගම අනුව වැඩිම පිරිසක් බෞද්ධ ජනතාව වෙයි. ප්‍රදේශයේ වැඩීම පිරිසක් කෘෂි කර්මාන්තයේ නියැලෙන අතර ඔවුන්ගේ අති බහුකරය වාණිජ එළවළු වගාවේ නියුක්ත වෙයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට අවශ්‍ය එළවළු ප්‍රමාණය වැඩි කොටසක් නිපදවනු ලබන්නේ මෙම ප්‍රදේශයේ ගොවීන් විසින්ය. මෙම ප්‍රදේශය වඩාත් ප්රකටව ඇත්තේ අර්තාපල් වගාවට හා එළවළු වර්ග වන කැරට්, බෝංචි, ලික්ස්, ගෝවා ආදියත් බෙල් පෙපර්, ස්ටෝබෙරි, පෙයාස් හා මල් වශ්‍යව ආදී වාණිජ වගාවන් සදහාය මීට අමතරව රජයේ දැව අවශ්‍යතාවය සපුරා ගැනීම සදහා රජයේ වන වගාවක් ලෙස ඉයුකැලිප්ටස් වගාව විශාල වශයෙන් සිදු කර තිබේ.