ජනවිකාස තොරතුරු
ජනගහන
100,434 (2012 සංගණනය අනුව)
ඝනත්වය
187 වර්ග කිලෝමීටර්
ග්රාම සේවා වසම්
64
1987 අංක 15 දරණ ප්රාදේශීය සභා පනත මඟින් පාලනය වන, 1987.05.11 දින සංස්ථාපනය කර ඇති වැලිමඩ ප්රාදේශීය සභාව, ඌව පළාතේ බදුල්ල දිස්ත්රික්කයෙහි වැලිමඩ ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් භූමි ප්රදේශය බල ප්රදේශය කරගත් පළාත් පාලන ආයතනයකි.
වැලිමඩ නගරය, බල ප්රදේශයෙහි ප්රධාන නගරය වන අතර කැප්පෙටිපොල, බොරලන්ද, තැන්නේකුඹුර හා දඹවින්න යන උප කාර්යාල 04 ක් වැලිමඩ ප්රාදේශීය සභාව සතුය. බහු ආගමික හා බහු සංස්කෘතික පරිසරයකට හිමිකම් කියන වර්ග කිලෝමීටර් 187ක වපසරියකින් යුතු මෙම සභාව, ග්රාම නිලධාරී වසම් 64 කින් හා ගම් 268 කින් සමන්විතය.