යටිතල පහසුකම් සංවර්ධනය
වැලිමඩ ප්‍රාදේශීය සභාව වෙත පැවරී ඇති කර්තව්‍යය අතර, බල ප්‍රදේශයේ ජනතාවගේ සුඛ විහරණය, පහසුව, යටිතල පහසුකම් ඇති කිරීම, සංවර්ධනය කිරීම හා ආරක්ෂා කිරීම, සුබ සාධනය හා සියලු පහසුකම් ආරක්ෂා කිරීම යන කාරණා ඇතුළත් වේ.
මේ අනුව වැලිමඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සතු මාර්ග පද්ධතිය, පැති කාණු හා ඇළ මාර්ග, බෝක්කු හා පාලම්, ගොඩනැගිලි වැනි යටිතල පහසුකම් සංවර්ධනය හා නඩත්තු කිරීම හෝ අලුතින් ඉදිකිරීම සඳහා කටයුතු කිරීමට වැලිමඩ ප්‍රාදේශීය සභාව වෙත බලතල පැවරීම නීතියෙන් සිදු කර ඇත.
වැලිමඩ ප්‍රාදේශීය සභා බලප්‍රදේශය සතු සීමාව තුළ පවතින ආයතනය සතු හෝ නඩත්තු කරනු ලබන මාර්ග පද්ධතිය, පැති කාණු හා ඇළ මාර්ග , බෝක්කු හා පාලම්, ගොඩනැගිලි, යටිතල පහසුකම් සම්බන්ධ යෝජිත සංවර්ධනය කිරීමක් හෝ නඩත්තු කිරීමක් හෝ අලුතින් ඉදිකිරීමක් විය යුතු ය.
මේ සඳහා ගාස්තු අයකිරීමක් සිදු නොකෙරේ.