මාර්ග පළුදු කිරීම සදහා අවසර ලබාගැනීම
බල ප්‍රදේශය තුළ පදිංචිකරුවකු විසින් පානීය ජල සම්බන්ධතාවක්, විදුලි බල සම්බන්ධතාවක්, දුරකථන නැතහොත් වෙනත් ආකාරයක විදුලි සංදේශ සම්බන්ධතාවක් හෝ වෙනත් සේවා සම්බන්ධතාවක් ලබා ගැනීමේදී හෝ ඒ සම්බන්ධතා සේවා හෝ වෙනත් සේවා සම්බන්ධතා සේවා සපයනු ලබන කිසියම් සේවා ප්‍රවර්ධන ආයතනයක් විසින් ඒ යම් සම්බන්ධතාවක් ලබාදීමේදී නැතහොත් ඇති කිරිමකදී, අදාළ සම්බන්ධතාව ලබා ගැනීම හෝ සැපයීම ප්‍රාදේශීය සභාව සතු මාර්ගයක් පළුදු කරමින් භූගතව සිදු කළ යුතු වන අවස්ථාවකදී, අදාළ මාර්ගයේ පළුදු වීම යථා තත්ත්වයට පත් කිරීමට වැයවන මුදල පියවා ගැනීම අත්‍යවශ්‍ය වේ. අවස්ථාවෝචිත පරිදි සේවා සම්පාදකයා හෝ සේවා ලාභියා විසින් මේ මුදල ප්‍රාදේශීය සභාවට ගෙවිය යුතුය.
1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 19 වන වගන්තියේ (1) වන උප වගන්තියේ (xxxii) වන ඡේදය.
ප්‍රාදේශීය සභාව විසින් කලින් තල තීරණය කර නියම කරනු ලබන ගාස්තුව ගෙවිය යුතුය.
සටහන :
මාර්ගය පළුදු කිරීමෙන් පසුව එය යථා තත්ත්වයට පත් කිරීමේදී, එක් ඝන අඩියකට වැය වන මුදල තොපමණද යන්න, (bර්ගයේ ඉදිකිරීම් ද්‍රව්‍ය වර්ගය (තාර, කොන්ක්‍රීට්, අන්තර් සම්බන්ධිත ගල්, ඇස්ෆෝල්ට් කොන්ත්රීට – කාපට් – හෝ වෙනත්) තාක්ෂණ නිලධාරි විසින් කරනු ලබන නිර්දේශයක් අනුව මේ සභා තීරණය ගනු ලැබිය යුතුය.
අයදුම් පත්‍රය සහ ඇමුණුම්