ප්රතිචක්රීයකරණය
නාගරික ප්‍රදේශ ආශ්‍රිතව කැළිකසළ නිසි ලෙස බැහැර නොකිරීම හේතුවෙන් පාරිසරික සහ සෞඛ්‍යමය ගැටළු රැසක් පැන නැඟේ. කැලි කසල තැනින් තැන අවිධිමත්ව බැහැර කිරීම හේතුවෙන් අධික ලෙස දුගඳ හැමීම නිසා මිනිසුන්ට ජීවත්වීමට අපහසු පරිසරයක් නිර්මාණය වීම, කසල එකතුවන ස්ථාන ආශ්‍රිතව විවිධ සතුන් මඟින් ලෙඩ රෝග පැතිර යාම, කසල ගොඩවල් ගිනි තැබීම නිසා අහිතකර වායූන් වායුගෝලයට එකතු වීම, අපද්‍රව්‍ය ජලයට එකතු වීම නිසා පානීය ජලය අපවිත්‍ර වී පරිභෝජනයට නුසුදුසු තත්ත්වයකට පත්වීම, පරිසරයේ තිබෙන අලංකාර බව විනාශ වීම, කසල ගොඩවල්වල තිබෙන අපද්‍රව්‍ය ආහාරයට ගැනීම නිසා සතුන් මිය යාම එම ගැටළු රැසකින් කිහිපයක් වේ.
බල ප්‍රදේශයේ සෞඛ්‍ය හා සනීපාරක්ෂාව, පහසුව හා සුවපහසුව සැලැස්වීම ප්‍රාදේශීය සභාවේ කාර්යය වේ. ඒ හේතුවෙන් කැලි කසළ හේතුවෙන් පැන නැඟෙන් ඉහත ගැටළු නිරවුල් කර ගැනීම සඳහා අපද්‍රව්‍ය කළමණාකරණය කෙරේ මෙම සභාව විශේෂ අවධානය යොමු කරමින් ඝණ අපද්‍රව්‍ය කළමණාකරණය සඳහා අතුරු ව්‍යවස්ථාවක් පනවමින් හා ඝණ අපද්‍රව්‍ය මධ්‍යස්ථානයක් සංස්ථාපනය කරමින් මෙම බල ප්‍රදේශයේ ජනතාවයෙ සෞඛ්‍ය හා සනීපාරක්ෂාවට, පහසුවට හා සුවපහසුවට හානි වන ආකාරයේ ක්‍රියාකාරකම් නියාමනය කිරීම සිදුකරනු ලබයි.
වැලිමඩ නගරය , කැප්පෙටිපොල, බොරලන්ද, බෝගහකුඹුර, ඩයරබා යන උප කාර්යාල ප්‍රදේශවලින් වර්ග කරන ලද කැළි කසළ පමණක් එකතු කරනු ලැබේ. මෙසේ එකතු කරනු ලබන දිරන කසළ කාබනික පොහොර නිෂ්පාදනය සදහා යොමු කරන අතර නොදිරන කසළ පොලිතීන් ,පෙට් බෝතල් ,වීදුරු , කඩදාසි කාඩ්බෝඩ් වශයෙන් වෙනම එකතු කරනු ලබයි. එකතු කරනු ලබන පොලිතින් බේල් මැෂින් ආධාරයෙන් බේල් කරන අතර , ඒවා ඉන්සී ආයතනයට යැවීමට සැළසුම් කර ඇත. පෙට් බෝතල් , කාඩ්බෝඩ්, බේල් කර අලවියට කටයුතු යොදා ඇත.
057-2245973
වැලිමඩ ප්‍රධාන කාර්යාලය
* සේවාව ලබා ගත හැකිය:
සතියේ දින 8:00 සිට 5:00 දක්වා වැඩි විස්තර සඳහා කරුණාකර ප්‍රධාන කාර්යාලය අමතන්න.