ගෝ ඝාතකාගාර බලපත්‍රය
ජනතාවගේ පරිභෝජනයට අවශ්‍ය මස් සැපයීම සදහා යොදාගන්නා සතුන් මැරීමේ ස්ථාන, ඒ අවට පරිසරය සහ විකිණීම සදහා ඉදිරිපත් කරන මස්වල සෞඛ්යාරක්ෂිත බව නියාමනය කිරීමට ප්‍රාදේශීය සභාවට ලැබී ඇති බලතල යටතේ, ගෝ ඝාතක ස්ථාන සදහා නිකුත් කරනු ලබන බලපත්‍රයකි.
මේ බලපත්‍රය නිකුත් කිරීම අවස්ථා දෙකකට වෙන් කළ හැකි ය. එනම්, පළමු අවස්ථාවේ නිකුත් කරනු ලබන බලපත්‍රය සහ ඊට පසුව බලපත්‍රය වාර්ෂිකව අලුත් කිරීම.
කිසියම් උත්සවයක හෝ සැණකෙළියක අවස්ථාවක් සඳහා පමණක් මස් පිණිස සතුන් මැරීම සඳහා යම් තැනැත්තකු විසින් තාවකාලික බලපත්‍රයක් ඉල්ලීමක් කළ හැකිය. එවැනි බලපත්‍රයක් ඒ කාර්ය සඳහා වලංගු කරන ලද කාලයට පමණක් බල පැවැත්වේ.
වැඩි විස්තර සඳහා පුරවැසි ප්රඥප්තිය භාවිතා කරන්න.