වැලිමඩ ප්රාදේශීය සභා බල ප්රදේශයට අයත් කැප්පෙටිපොල නගරය ඇතුළු ග්රාම සේවා වසම් දහයක වාසය කරන ජනතාව වෙනුවෙන් කඩිනම් සේවාවන් සැපයීම සඳහා ප්රාදේශීය සභා උපකාර්යාලයක් කැප්පෙටිපොල නගරයේ එනම් කැප්පෙටිපොල ජාතික පාසලට ඉදිරිපස පිහිටුවා ඇත.
ඒ අනුව සේවාලාභී ඔබ කැප්පෙටිපොල නගරයේ හා පහතින් දක්වා ඇති ග්රාම නිලධාරී වසමට අයත් අයෙක් නම් වැලිමඩ ප්රාදේශීය සභා ප්රධාන කාර්යාලයෙන් ලබා ගත යුතු සේවාවන් කැප්පෙටිපොල ප්රාදේශීය සභා උප කාර්යාලයෙන් ලබා ගැනීමේ අවස්ථාව සලසා ඇත.
වසම් අංකය | ග්රාම නිළධාරි වසම් |
---|---|
49D | අලකොලගාල |
48 | අඹහගකුඹූර |
49A | බොරගස් |
50H | දිමුතුගම |
48A | දිවුරුම්ගම |
50E | එරබද්ද |
49E | ගවරම්මාන |
48B | ගිරාඹේ |
50F | හෙවනකුඹුර |
49C | හුලංකපොල්ල |
50D | කැප්පෙටිපොල |
50C | පාලුගම ඇල්ල |
50 | පාලුගම නගරය |
50I | පුරන්වෙල |
49B | සිල්මියාපුර |
49 | විදුරුපොල |
කාර්යභාර නිලධාරී - කැප්පෙටිපොළ උප කාර්යාලය
0572280435