ක්‍රීඩා පිටි කුලියට දීම
පළාත් පාලන ආයතනය, අදාල බල ප්‍රදේශයේ ජනතාවගේ සුබ සාධනය සහ සියලු පහසුකම් ආරක්ෂා කිරීමේ සහ ප්‍රවර්ධනය කිරීමේ කර්තව්‍යය පැවරී ඇති පොදු අධිකාරිය වේ. මෙම සුභ සාධන කාර්යයේ එක් පියවරක් ලෙස ජනතාවගේ ශාරීරික සුවතාව රැකගැනීම සහ පොදු විනෝදය සැපයීම සඳහා අදාළ පලාත් පාලන ආයතනය විසින් ක්‍රීඩා පිට්ටනි ඇති කරනු ලබන අතර එසේ ඇති කරනු ලබන ක්‍රීඩා පිට්ටනි නඩත්තු කිරීම, අලුත් වැඩියා කිරීම සහ එහි වැඩි දියුණු කිරීම් වෙනුවෙන් වන වියදම් ආවරණය කර ගැනීම සඳහා එම ක්‍රීඩා පිටි කුලියට දීම කරනු ලබයි.
වැලිමඩ බල ප්‍රදේශයේ එම පොදු අධිකාරිය වැලිමඩ ප්‍රාදේශීය සභාව වන හෙයින් වැලිමඩ ප්‍රාදේශීය සභාව සතු පහතින් සඳහන් කර ඇති ක්‍රීඩා පිට්ටනි ඇති ඒ ඒ වසරට අදාලව ගැසට් පත්‍රයේ පළකරනු ලබන මිල ගණන් අනුව අදාල ප්‍රාදේශීය සභා උපකාර්යාල මඟින් කුලියට දීම සිදු කරනු ලබයි.